පාතාලයට අවි සැපයු තිදෙනෙකු අත්අඩංගුවට
පාතාලයට අවි සැපයීමක් පවත්වා ගෙන යන ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන යුද හමුදාවෙහි හිටපු සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තවත් අයෙකු පිස්තෝලයක් සහ උණ්ඩ සමඟින් ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මිනුවන්ගොඩ නුදුරු ප්‍රදේශයක වෙසෙන පුද්ගලයෙකු සතුව ගිනිඅවියක් සහ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට පොලීසිය ලැබුණ තොරතුරක් අනුව යුධ හමුදාවෙහි සේවය කළ ආබාධිත තත්ත්වයෙන් පසුවන 42 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුගේ නිවෙසෙහි තිබී මිලිමීටර් 7 . 65 ප්‍රමාණයේ පිස්තෝලයක් සහ ඊට යොදන ජීව උණ්ඩ පහක්ද සමඟ අත්බොම්බයක අනුරූවක් සොයා ගත් බව පොලීසිය පවසයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුගේ සගයින් දෙදෙනෙකු බිංගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අවුරුදු 35 වයසේ පසුවන මොවුන් දෙදෙනා ගෙන් අයෙකුද යුධ හමුදාවෙහි සිට ඇති අයෙකු බවත් හෙළිව තිබේ.
මොවුන් පිස්තෝලයක් සහ උණ්ඩ මෙලෙස ළඟ තබා ගෙන සිටීම පාතාලයට අවි සැපයීමක් බවට සැක කරන පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

