වසර 6 කට අධික කාලයක් අතුරුදන් කළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජාතික ජනබලවේග ආණ්ඩුවට අවශ්‍යතාවක් නැති බවත් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ ජනවරම පළාත් පාලන මැතිවරණයෙන් විශාල පසුබෑමකට ලක්වී ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණ නායක චම්පික රණවක මහතා පසුගියදා කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ජාතික ජනබලවේගයට තව දුරටත් ඡන්ද අඩුවන බව පෙනී යන නිසා ඔවුන් පළාත් සභා මැතිවරණය නොපවත්වා වසර 4 කට කිසිදු මැතිවරණයක් පවත්වන්නේ නැති බව ප්‍රසිද්ධියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලිනුත් පැහැදිලි වන බව ඒ මහතා කීය.ඔහු වැඩි දුරටත් මෙසේද පැවසීය.
“දූෂණය මැඩලන්න කියලා දෙකයි පනහේ හොරකම් පස්සේ එලවලා අද රාජ්‍ය අංශයම බය වෙලා. එක මෙගා ඩීල් එකක්වත් අනුර දිසානායක විසඳන්නේ නැහැ. රොකට් එකේ ප්‍රශ්නෙ ඉඳලා ඊ වීසා දක්වා එක ඩීල් එකක්වත් මේ ආණ්ඩුව විසඳන්නේ නැහැ. ජාවාරම්කාරයන්ට බයයි. මෙගා හොරු අල්ලන්නේ නැහැ.
දෙකයි පනහෙ හොරු අල්ල අල්ල චූන් වෙන එක තමයි කරන්නේ . අපි බලාපොරොත්තු වෙනවා විවිධ මට්ටමෙන් සමාජයට වැඩ කරපු පිරිස් විවිධ දේශපාලන පක්ෂවල ඉන්න අය අතර යම් වේදිකාවක් ගොඩනගන්න. ඒක දේශපාලන පක්ෂයක් නෙමෙයි. විපක්ෂ නායකගේ කාර්යය විපක්ෂ නායකය කරයි.
නමුත් අපට කියන්න තියෙන්නේ වසර තිහකට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය ඇතුළු කණ්ඩායම විපක්ෂයේ හිටියා. දිනන ක්‍රියාවලියකට ගමන් කරන බවක් පේන්න නැහැ. අද වනවිට විට විපක්ෂය කොටස් ගණනාවකට බෙදිලා වෙන් වෙලා. අලුත් අවස්ථාවක් රටට ලැබිලා තියෙනවා නව ජාතික එකමුතුවක් යටතේ කිසියම් සන්ධානයක් ඉදිරි කාලයේදී හඳුන්වා දෙන්න.ඒ සඳහා කටයුතු කරනවා.”
කුරුණෑගල -ජනුර් කිචිලාන්