පාකිස්තාන T20 තරගාවලියට ගිය 4ක් ඔස්ට්‍රේලියා තරගාවලියට නෑ
මේ මස අවසානයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් මෙම විස්සයි20 සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙනකු ඇතුළත් වෙයි.
පාකිස්තානය හා පැවැති විස්සයි20 තරගාවලියට ඇතුළත් නොවුණ ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල සංචිතයට ඇතුළත්ව තිබේ.
එම තරගාවලියට එක්වූ මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ළහිරු මධුශංක යන ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.
එසේම ඇන්ජලෝ මැතිව්ස්ටද කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය - ලසිත් මාලිංග (නායක), දසුන් ශානක, භානුක රාජපක්ෂ, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු. ශෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ණුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රාජිත

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
