අසාර්ථක අස්වැන්න, අඩුවෙමින් පවතින විදේශ විනිමය සංචිත සංරක්ෂණය කිරීම සඳහා ආනයන සීමා කිරීම් සහ ප්‍රධාන භාණ්ඩවල ඉහළ මිල ගණන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පාකිස්තානයේ උද්ධමන අනුපාතයත් ඉක්මවමින් ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතය ඇති රට බවට පත්ව තිබේ.
බ්ලූම්බර්ග් පුවත් සේවය මේ බව වාර්තා කරමින් පවසන්නේ තම මධ්‍ය ඇස්තමේන්තුව වූ සියයට 13.2 ට වඩා වේගයෙන් පාරිභෝගික මිල ගණන් ජනවාරි මාසයේ දී වසරකට පෙර සිට සියයට 14.2 කින් ඉහළ ගොස් ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික උද්ධමන අනුපාතයද සියයට 6.9 දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවට මේ වසරේදී ඩොලර් බිලියන 7කට ආසන්න ණය ගෙවාදැමීමට තිබුණත් පවතින විදෙස් සංචිතය ඩොලර් බිලියන 3කට ආසන්න වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිපාලනය මේ මාසයේ ඩොලර් බිලියන 1 ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කළ බවත් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ අසාර්ථක වූ බෝග සඳහා ගොවීන්ට වන්දි පිරිනැමීම සඳහා ආහාර සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් මහජතාවගේ කනස්සල්ල සමනය කිරීමට මේ හරහා උත්සාහ කර ඇති බවත් ඔවුන් පවසයි.
