විදෙස්ගත ශ්‍රමිකයන් තම පවුලේ උදවිය වෙනුවෙන් එවන ඩොලර් කිසිවෙකුටත් සොරකම් කළ නොහැකි බවත් එම වටිනාකමට සමාන මුදලක් සිය පවුලේ උදවිය වෙනුවෙන් රුපියල් බවට පත්වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
අද කෙළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"අවුරුද්දට ඩොලර් බිලියන 7ක් එව්වොත් එම බිලියන හතේ වටිනායක තමන්ගේ පවුලේ අයට තමයි ගෙවලා තියෙන්නේ. කොහොමද මේක හොරකම් කරන්නේ කියන එක ප්‍රශ්නයක්. පවුලේ කෙනෙක් හොරකම් කළොත් මිසක් වෙන කෙනෙකුට හොරකම් කරන්න බෑ.
එහෙම මත තියෙන කොට මේක බැංකුවෙන් නෙමෙයි පිටින් එවන්න එතකොට හොරකම් කරන්නේ නෑ කියලා මත හැදෙනවා. අපි කියන්නේ තමන්ගේ හිතවතුන්ට එවන මුදල් බැංකුව තුළට එවන්න.එතකොට පවුලේ අයට මුදල් ලැබෙනවා වගෙම ඒ එවන ඩොලර් අපිට අත්‍යාවශය භාණ්ඩ ගෙන්වන්න යොදා ගන්න පුළුවන්."
එසේම ශ්‍රී ලංකාවට ඩොලර් පරිත්‍යා කිරීම වෙනුවෙන් ආරම්භ කළ ගිණුම්වලට මේ වන විට ඩොලර් 37000ක මුදලක් ලැබී ඇති බවත් එසේ ලැබෙන මුදල් අත්යාශය ඖෂධ ගෙන්වීමට යොදා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.