ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට 2025.10.14 වන දින රාත්‍රී කාලයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර ඇති බවට ගම්පොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 16 ක් වූ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත. සැකකරු හදුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.