පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශීය ලේකම් කොට්ඨාස හයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19) පියවර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ සීතාවක, කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, හොරණ, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඹ්විට, රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර හා නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා අනතුරු ඇඟවීමේ පළමු වන මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දීමේ නිවේදන නිකුත් කොට තිබේ.
අද (19) පෙරවරු 10.00 සිට හෙට (20) පෙරවරු 10.00 දක්වා මෙම නිවේදන වලංගු වන බවත්, එම නිවේදන නිකුත් කොට ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.