ප්රා ලේ කොට්ඨාස 43ට නාය යෑමේ අනතුරු ඇගවීම්
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 11ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 43ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල, කළුතර දිස්ත්රික්කයේ මතුගම, කෑගල්ල දිස්ත්රික්කයේ අරණායක, කෑගල්ල, වරකාපොල, රත්නපුර දිස්ත්රික්කයේ ඉඹුල්පෙ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවදානමෙන් සිටින ලෙස දැනුම්දීමේ නිවේදන නිකුත් කොට තිබේ.
එමෙන්ම බදුල්ල දිස්ත්රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දකැටිය, කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, දොඩංගොඩ, මහනුවර දිස්ත්රික්කයේ ගඟවට කෝරලය, උඩුනුවර, උඩ පලාත, තුම්පනේ, පාතහේවාහැට, උඩදුම්බර, ගග ඉහල කෝරලය, පස්බාගේ කෝරලය, යටිනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ රඹුක්කන, රුවන්වැල්ල, මාවනැල්ල, දැරණියගල, යටියන්තොට, ගලිගමුව, කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම, මල්ලවපිටිය, රිදීගම, මොනරාගල දිස්ත්රික්කයේ බිබිල, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, හඟුරන්කෙත, වලපනේ, කොත්මලේ, රත්නපුර දිස්ත්රික්කයේ කිරිඇල්ල, බලන්ගොඩ, කලවාන, කොලොන්න සහ රත්නපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස සඳහන් අනතුරු ඇගයීමේ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
අද (18) පස්වරු 4.00 සිට හෙට (19) පස්වරු 4.00 දක්වා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන වලංගු වන බවත්, මෙම නිවේදන නිකුත් කොට ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

