ප්‍රාලේ කොට්ඨාස හයකට නාය අනතුරු ඇඟවීම් නිකුත් කරයි
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 20 පෙරවරුවේ නිකුත් කර තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්ද කැටිය යන ප්‍රාදේශී ලේකම් කොට්ඨාසවලට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හඟුරන්කෙත යන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස සඳහා පපළමුු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ නිල්දණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවිමද නිකුත් කර තිබේ.
පළමුු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකමි කොට්ඨාසවල පසුගිය පැය 24 තුල මිලිමීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක්ද,දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රාදේශවල පසුගිය පැය 24 තුල මිලිමීටර්100 ඉක්මවූ වර්ෂාපතනයක්ද වාර්තා වී ඇති බැවින් එම ප්‍රදේශවල ජීවත් වන අවදානයෙන් සිටිය යුතු බවත් ජාතිික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.
2026.02.20 වන අද දින පෙරවරුවේ නිකුත් කර ඇති මෙම නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට 21 වනදා පෙරවරු 8.00 දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංව්ධානය කියයි.
මොහොමඩ් ආශික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

