ප්‍රාග්ධන වියදම් විශාල ලෙස අඩුවන නව අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉදිරි අයවැය සහ ආර්ථික සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23දා) වාණිජ මණ්ඩල නියෝජිතයන්, භාණ්ඩාගාර නියෝජිතයන් සහ ආර්ථික උපදේශකයන් සමග සාකච්ඡා කළේය.
එම සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
ඉතිරි කරන ලද මුදල් සුබසාධන වැඩසටහන් සඳහා යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළේය. යුක්රේනයේ යුද්ධයත් සමග දේශීය වෙළෙඳ පොළේ වැරදි කළමනාකරණය හේතුවෙන් රට ආහාර හිඟයකට මුහුණදී සිටින බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙම ආහාර හිඟය ශ්‍රී ලංකාවට පමණක් නොව ගෝලීය වෙළෙඳ පොළටද බලපානු ඇති බවත්, හිඟයේ බලපෑම හැකිතාක් අවම කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බවත් ඔහු පැහැදිලි කළේය.
ජනතාවට සහන බෙදාදීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී නිර්දේශ ඉදිරිපත් කෙරුණ අතර, ඔහු ඊට එකඟ විය. එමෙන්ම සුබසාධනය ලැබීමට සුදුසුකම් ඇති පුද්ගලයන් සඳහා වන නිර්ණායක සමාලෝචනය කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
විද්‍යාත්මක හා සැලසුම්සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා සිටියේය.