දෙනෝ දහසක් දෙනා බලා සිටියදී දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්රී විහාර පාරට කඩු පොලු අතැතිව ත්රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලු වලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටියදී ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග ඔවුන් පැමිණි ත්රිරෝද රථ දෙක, කඩු හතරක්, මන්නා තුනක් හා පොලු මුගුරු දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධියෙන් බරපතළ තුවාල ලද 52 පුද්ගලයා සහ ඔහුගේ නැගණිය වන 47 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
බරපතළ තුවාල ලද පුද්ගලයා ද හොරයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන අතර ඒම ජාවාරම කරන තවත් පිරිසක් මත් කුඩු වෙළඳාම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවල දී විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තියුණු ආයුධ සහ පොලු ප්රහාරයෙන් සිය සහෝදරයා බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඔහුගේ සහෝදරිය තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අදාළ සිද්ධිය වාර්තාවීමත් සමගම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ දෙමටගොඩ පොලිසියේ නිලධාරීන් එම ප්රදේශ කරා යාමේදී ප්රහාරයෙන් අනතුරුව තීරෝද රථ දෙකෙන් පලායමින් සිටි සැකකාර පුද්ගලයන් සිවු දෙනෙක් තියුණු ආයුධ සහ පොලු මුගුරු සමග දෙමටගොඩ සුසාන භූමිය ආසන්නයේ දී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී ඇත.
අනෙක් ත්රිරෝද රථයෙන් පලායමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් කඩු දෙකක් සමග දෙමටගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට දෙමටගොඩ පොලිසියේ නිලධාරීන් සමත් වූ බව පොලිසිය කියයි
අඅත්ගුවට ගත් සියලුම සැකකරුවන් දෙමටගොඩ වැල්ලම්පිටිය ආදී අවට ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.