උඩුගම හෝමදොළවත්තේ පදිංචි 18 හැවිරිදි වියේ පසුවන අවිවාහක තරුණියක් දරුවකු ප්‍රසුත කිරිමෙන් පසු එම බිළිදා නානකාමරයේ බේසමකට දමා උදරයේ ඇති රෝගි තත්වයක් බව පවසමින් උඩුගම රෝහලට ඇතුලත්ව ඇති බව උඩුගම පොලිසිය පවසයි.
අලුත් උපන් බිළිදා මියගොස් ඇති අතර මෙම තරුණිය උදරයේ ඇති රෝගි තත්වයක් බව පවසමින් පෙරේදා දහවල් (07) සිය නෑනා සමග උඩුගම රෝහලට ඇතුලත්ව ඇත.
මෙම තරුණිය දරුවකු ප්‍රසුති කොට ඇති බව රෝහලේ වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇත. අලුත් උපන් බිළිදා නාන කාමරයේ බේසමකට දමා පැමිණ බව ඇය සදහන්කොට ඇත.
පසුව උඩුගම රෝහලේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය විසින් මෙම කාන්තාවගේ නිවසට ගොස් බිළිද රෝහලට රැගෙන විත් ඇති අතර ඒ වනවිටත් බිළිදා මියගොස් ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම තරුණිය තරුණයකු සමග සම්බන්දයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. එම තරුණයාට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇති අතර තරුණිය උඩුගම රෝහලේ ප්‍රථිකාර ලබන්නිය
මියගිය බිළිදාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි. මෙම කාන්තාව විසින් දරුවා ප්‍රසූති කරන අවස්ථාවේ දරුවා මියගොස් සිටියාද නැතිනම් ඉන්පසුව මිය ගියාද යන්න පිළිබද පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය කරගත හැකි බවද උඩුගම පොලිසිය පවසයි.
රවීන්ද්‍ර ලියනගේ