රුපියල් කෝටි තුනකට අධික වටිනා කොකේන් ග්‍රෑම් 940 ක් සමග එක් පුද්ගලයෙකු (09) වන දින දහවල වැල්ලවත්ත පොලීසිය දූෂණ මර්දන ඒකකය මගින් පෙඩ්රිකා පාර මහල් නිවාස වාහන අංගනයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැල්ලවත්ත පොලීසිය පැවසීය.
සැකකරු කොළඹ ගුණසිංහ පුර ඩයස් පෙදෙස පදිංචිව සිටින වයස අවුරුදු ( 29) ක් වන අතර, ප්‍රධාන රෙදිපිළි ආයතන හිමිකරුවකුද වන බවත් පොලීසිය කියයි.
වැල්ලවත්ත පොලිස් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහවත්ත මහතා වෙත පුද්ගලික ඔත්තු කරුවකුගෙන් මෙදින ගමන් බෑගයක් සමග කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු 28/2/2 මහල් නිවාස සංකීර්ණය වාහන අංගනයට පැමිණෙන බවට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති වරයා ඇතුලු නිලධාරී කණ්ඩායමක් සිදුකල මෙහෙයුමේදී සැකකරුගේ ගමන් බෑගයේ රෙදිතුල සගවා තීබූ මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය පැවසීය.
සිදුකල විමර්ශනයට අනුව රෙදිපිළි වෙලදාමේ නියුතුව සිටිමින් කාටත් සැක නොසිතන අයුරට කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් තොග වශයෙන් රැගෙන එන මත්ද්‍රව්‍ය මෙම මහල් නිවාස සංකීර්ණයේ සිටිමින් අලෙවිකර ඇති බවට අනාවරණය වී ඇතැයිද පොලීසිය කියයි .
වැඩිදුර පරීක්ෂණ කටයුතු වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතාගේ අධීක්ෂණය මත දූෂණ මර්දන අංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහවත්ත මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් සිදුකරගෙන යනුද ලබයි.
දෙහිවල එච් එම් ධර්මපාල