අද දින පැවැත්විමට නියමිත උසස්පෙළ විභාගයේ කිසිම ප්‍රශ්න පත්‍රයක් පිටවි නොමැති බවත් ව්‍යාජ තොරතුරුවලට කලබලයට පත්නොවි විභාගයට මුහුණ දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. ඇය පවසන්නේ ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදුකර නෙමැති බවයි.
"ප්‍රශ්ණ පත්‍ර අඩංගු පැකට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදුකර නොමැත. ප්‍රශ්න පත්‍ර පිටවීමක් කිසිදු අවස්ථාවක සිදුනොවී ඇති බව අවධාරණය කරමි.
ව්‍යාජ තොරතුරුවලින් කලබලයට පත්නොවී හෙට දින නියමිත පරිදි විභාගයට මුහුණදෙන්න. නියමිත කාලසටහන පරිදි සියලුම විභාග මධ්‍යස්ථානවල විභාගය පැවැත්වෙන බැවින්, සියලුම අපේක්ෂකයන් තමන්ට නියමිත කාලසටහන අනුව මධ්‍යස්ථානවලට පැමිණිලා විභාගය සඳහා මුහුණදෙන්න" යැයි ඇය වැඩිදුරටත් පැවැසිය.