ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මහාචාර්යවරයා සිය ඉල්ලා අස්විම ජනපතිවරයාට මෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද නිල වශයෙන් දැනුම් දී ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස කාලයක් කටයුතු කළ ඒ මහතා ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරුව යළිත් විශ්වවිද්‍යාල සේවයට එක්වීමට නියමිත බවද වාර්තා වෙයි.