ප්‍රමිතියෙන් තොර යූරියා පොහොර සොයා මහනුවර මෙහෙයුම්
ව්‍යාජ ලෙස ඇසුරුම් කොට බෙදාහරිනු ලබන ප්‍රමිතියෙන් තොර යුරියා පොහොර මහනුවර දිස්ත්‍රික්කයේ තොග වෙළඳ සැල්වලට ලැබී ඇත්දැයි සොයා විශේෂ විමර්ශනයක්ආ රම්භ කොට තිබේ.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික්කාර්යාලයේ මෙහෙයවීමෙන්ආරම්භ කොට ඇති එම මෙහෙයුමේදී 21% ක නයිට්රජන් අඩංගු පොහොර තොගයක් 40% නයිට්රජන් අඩංගු බවට සඳහන් කොට ප්‍රසිද්ධ පොහොර ව්‍යාපාරික ආයතන සන්නාමයක් යටතේ එම ඇසුරුම්වල අසුරා අලෙවි කිරීමක් සම්බන්ධයෙන්එම විමර්ශනය ආරම්භ වී තිබේ.
ඒ අනුව ලබා ගන්නා ලද සාම්පල් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීම මහනුවර ඒකකයේ මැදිහත්වීම යටතේ අද (21) දිනදී සිදුවිය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් පරිදි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂකඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.ජී. ආනන්ද මහතා ඇතුළු නියෝජ්‍ය අධ්යක්ෂකවරුන්කණ්ඩායමක්එම මෙහෙයුම දියත් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

