ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කරන්නන්ට නීතිමය පියවර
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කෙරෙන ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළඳසල් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පියවර ගෙන ඇති අතර බොහෝ පිරිකර තුල දැලි පිහිය ඇතුලු පිරිකර අට නොමැති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
අටපිරිකර අලෙවි කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබාදී ඇති ප්‍රමිතීන්ට අනුකූලව යුතු වීම, අට පිරිකර සකස් කිරීම පිනිස බුද්ධ ශාසන අමාත්‍යාංශයෙහි ලියා පදිංචිව එම අංකය සහ නිෂ්පාදනය කරන්නාගේ නම ලිපිනය , දුරකථන අංකය සහ නිෂ්පාදිත දිනය ආදී තොරතුරු පිරිකරවල සදහන් කොට තිබේදැයි යන්න පරීක්ෂාවට ලක් කිරීම පිනිස මෙලෙස වැටලීම් සිදු කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය.
මීරිගම සහ කල්එළිය යන ප්‍රදේශයන්හි සිදු කළ පරීක්ෂාවන්හිදී අවශ්‍යතා සපුරාලීමකින් තොරව අටපිරිකර අලෙවි කළ වෙළඳසල් පහකට එරෙහිව නීතිමය පියවර ගත් බවත් එම ඇතැම් වෙළඳසල්වල තිබූ පිරිකර විවෘත කර බැලීමේදී පිරිකර අටට තිබිය යුතු දැලි පිහිය පවා නොවු බවත් ඒවායෙහි යකඩ පාත්තරය වෙනුවට කලු තීන්ත ආලේප කළ ඇලුමිනියම් පාත්තර යොදා තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතාගේ මෙහෙයවීම මත විමර්ශන නිලධාරීන් වන කෝසල රංගනාත්, සී.අයි.පී.කන්දගේ, සමීර ලක්මාල්, පී.එච්.ඩී.පෙරේරා, ජේ.ජෆ්රි, තමාරා සුරවීර සහ දිනේෂා උඩුවේරිය යන නිලධාරීන් කටයුතු කළහ.
අත්අඩංගුවට පත් වෙළඳුන් නියම කරනු ලබන දිනකදී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇපමත මුදාහැරිණි.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
-
Samson De Silva Tuesday, 25 October 2022 03:35 AM
Duppath minissu kana paan gediye pramithiya (gram 450 wenuwata gram 300) nethiwa bakery kaarayo wanchaa kalaata kamak nehe. Ata pirikare pramithiya reka gaththaama hondatama ethi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
