ප්‍රමිතිගත හෙල්මටයක් පැළදීම අනිවාර්යයි
ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කරමින් ජීවිත හා දේපළ රැකගැනීම වෙනුවෙන් SLS සහතිකය ලත්, ප්‍රමිතිගත, ආරක්ෂිත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසයි.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සැලැස්මට අනුව ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් යතුරුපැදි ධාවනයේදී ආරක්ෂිත හිස්වැසුමක් පැලඳීමේ නෛතිකභාවය පිළිබඳවත් ජනතාව දනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. එම මාධ්‍ය හමුව කොළඹ 10, ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
"ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති වසර දෙකක මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්මට අනුව මාර්ගයේ අනතුරු අවම කර සුරක්ෂිත රිය ධාවනයක් ඇති කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුම් 96 කින් යුත් වැඩ පිළිවෙලක් ආරම්භ කලා. මේ වනවිට ඉන් ක්‍රියාමාර්ග 30 ක් භෞතිකව ක්‍රියාත්මක කර තවදුරටත් ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණයන් සිදුකරමින් සිටිනවා. එක් එක් අංශයන් ආවරණය වන පරිදි මේ ජාතික වැඩපිළිවෙල අඛණ්ඩවම ක්‍රියාත්මක කර මාර්ගයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනවා.
වසරකට රිය අනතුරු හේතුවෙන් 2.500 කට අධික ජීවිත සංඛ්‍යාවක් රටට, සමාජයට අහිමි වෙනවා. ඉන් දහසකට අධික ප්‍රමාණයක් යතුරු පැදි අනතුරුවලින් සිදුවන මරණ බව වාර්තා වෙනවා. එයින් වැඩිම මරණ සිදුව ඇත්තේ පැදිකරුවන්ගේ හිසට සිදුවූ මාරාන්තික හානිවලින් බව දත්ත අනුව අනාවරණය වී තිබෙනවා.
මේ තත්ත්වය අවම කරගැනීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය ඒකාබද්ධව විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. එබැවින් හෙල්මට් පැලඳීම සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැටලීම් දිගින් දිගටම ක්‍රියාත්මක කර ජීවිත ආරක්ෂා කර ගැනීමටත් සුරක්ෂිත ප්‍රවාහන සේවයක් සඳහාත් කැපවෙනවා. එමෙන් ම ප්‍රමිතිගත හෙල්මට් නිෂ්පාදනය කරන ආයතන දිරිගැන්වීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

