ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකුගේ දියණියගේ වැඩිවියට පැමිණීමේ උත්සවයක් පසුගියදා විශාල වියදමක් දරා කොළඹ ප්‍රධාන පෙලේ තරු හෝටලයක මහත් උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඉකුත් (23දා) රාත්‍රියේ මෙම උත්සවය හා භෝජන සංග්රය පවත්වා ඇත .
මෙම උත්සවය සඳහා අලංකාර ආරාධනා පත්‍ර මුද්‍රණය කර ඇති අතර, උත්සවය වෙනුවෙන් 150 -200 ට ආසන්න ආරාධිතයන් පිරිසකට ආරාධනා කර ඇති බවද වාර්තා වේ. එම උත්සව අවසානයේ එදිනම රාත්‍රියේ කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වමේ පිහිටි හෝටලයක් සහිත ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයක කාමරයක් තුළ තවත් පිරිසක් නැවතත් සාදයක් පවත්වා ඇත .