ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
- 21 04 2026
- 12:26
- {{hitsCtrl.values.hits}} views
- ..
ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද මධ්‍යාහ්න 12ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද, දකුණ, ඌව පළාත් සහ මන්නාරම, වවුනියාව, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය අදාළ වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද, දකුණ, ඌව පළාත්වල සහ මන්නාරම, වවුනියාව, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල සවස 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ආරක්ෂිත පියවර:
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කෙරේ.
• එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටින්න.
• කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථන වල රැදී සිටීමෙන් වලකින්න.
• රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින්න.
• බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින්න.
• තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැලකිලිමත් වන්න.
• හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් ගේ සහය පතන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
