ප්‍රධාන වාරි ව්‍යාපෘති 5ක් පිළිසකර කිරීමට රු.මි. 2000ක්
මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළුවැව හා රාජාංගනය යන වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඇතිවූ ගංවතුර හේතුවෙන් වියළි කලාපයේ ප්‍රධාන වාරි යෝජනා ක්‍රම කිහිපයකට දැඩි හානි සිදුව තිබීම හේතුවෙන් එම වාරි යෝජනා ක්‍රමවල වගා ඉඩම් සඳහා ජලය නිකුත් කිරිමට මතුව ඇති බාධා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
මේ අනුව මින්නේරිය වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය හා ජලාපවාහන ඇළ මාර්ග පිළිසකර කිරීමට රුපියල් මිලියන 300ක්, ගිරිතලේ වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය පිළිසකර කිරීමට රුපියල් මිලිය 200ක්, ගල්ඔය යෝජනා ක්රමයේ ගංවතුර හානි හා කැඩී ගිය ඇළ පද්ධති පිළිසකර කිරීමට රුපියල් මිලියන 900ක්, හුරුළුවැව වාරි ව්‍යාපාරයේ වාරි පද්ධතිය හා ජලාපවාහන ඇළ මාර්ග පිළිසකර කිරීමට රුපියල් මිලියන 300ක් , රාජාංගණය වාරි ව්‍යාපෘතියේ ගුරුත්ව හා උස්සාන වාරි පද්ධතීන් පිළිසකර කිරීමට රුපියල් මිලියන 300ක් යානාදී වශයෙන් මුදල් වෙන්කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
