පාසල් කාලය තුළ පැවැත්වෙන ප්‍රධානතම විභාග තුන වන ශිෂ්‍යත්වය, උසස්පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
ඒ අනුව 2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 දා සිට දෙසැම්බර් මස 23දා තෙක් පැවැත්වීමට නියමිතය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2021 වසරේ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මස දී නිකුත් කරන බවය.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන නෙැවැම්බර් මස 27 වැනිදා පැවැත්වෙන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි මාස අතර පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.