දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පලාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්රදේශවලද ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් නිකුත් කල නිවේදනයෙහි සඳහන් වෙයි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.