ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අප්‍රේල් මස අවසන් සතියේ හෝ මැයි මස මුල් සතියේ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හවුමකදී ඔහු සඳහන් කළේ මෙම පනත සම්බන්ධයෙන් විපක්ෂය සමගද ඉදිරියේදී සාකච්ඡා කරන බවයි. ජනතාවගේ අයිතිවාසිකම් ලබාදී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බවත් මෙම පනතින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ නොවන බවත් ඔහු පැවැසීය.
කෙසේ වෙතත් යම් පුද්ගලයෙකු අධිකරණයට ගොස් පනතේ යම් වගන්තියක් හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවන බවට අධිකරණය මගින් නියම කළහොත් එය සංශෝධන කිරීමට කටයුතු නොකරන බවත් ඔහු පැවැසීය.
මේ හරහා ජනපතිවරයාට තිබූ බලතල ඉවත්කර පොලීසියට හා මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.