දේශපාලන සහ සමාජ නිදහස රැකගනිමු යන තේමාවෙන් ප්‍රධාන පෙළේ නීතිඥවරුන් දහසක් සහභාගී වන රැළියක් නොවැම්බර් අගභාගයේ කොළඹදී පැවැත්වීමට තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ ප්‍රකට දේශපාලකයන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් සති අන්තයේ කොළඹදී පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.
නිදහස සඳහා නීතිඥයෝ නමින් මෙම රැළිය නම් කර තිබේ.නිදහස අගයන පක්ෂ නායකයන්ටත් මෙම රැලියට සහභාගී වන ලෙස ආරාධනා කර ඇතැයි සංවිධායකයෝ පවසති.
ප්‍රේමකීර්ති රණතුංග