රට තුළ ඕනෑම ආකරයක ප්රචන්ඩත්වයක් පැන නැඟුණහොත් එය රටේ බැරැරුම් ගැටළුවක් වීමට හැකියාව ඇතැයි ශ්රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කොට සිටී.
දැඩි තුවාල වියහැකි උල් සහිත යකඩ ඇණ කළු පාට ඉටිරෙදි වලින් ආවරණය කොට යොදා තිබීමෙන් උද්ඝෝෂකයින්ට මෙන්ම මහජනතාවටද සිදුවිය හැකි අනතුරුදායක තත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ ලේකම් නීතීඥ ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මඟින් ඒ බව අවධාරණය කොට ඇත.
දින ගණනාවක් තිස්සේ මේ වන විටත් අඛණ්ඩ විරෝධතාවයක නියැලෙමින් සිටන ගෝල්ෆේස් ප්රදේශයට පැමිණෙන මාර්ගයේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යෙදවීම මෙන්ම එම මාර්ගයේ උල් සහිත යකඩ ඇණ කළු පාට ඉටිරෙදි වලින් ආවරණය කොට යොදා තිබීමෙන් උද්ඝෝෂකයින්ට මෙන්ම මහජනතාවද අපහසුතාවයන්ට ලක්වන බව අවධාරණය කරන ශ්රී ලංකා නීතීඥ සංගමය උල් සහිත යකඩ ඇණ යොදා මාර්ග බාධක ඉදිකිරීමෙන් ජනතාවට විශාල අනතුරු වලට ලක් වීමේ අවධානමක් ඇති බවද පෙන්වා දී ඇත.
පොලිසිය යොදා ඇති මාර්ග බාධක හේතූවෙන් තමන්ට ගමන් බිමන් යෑමට බාධා එල්ල වී ඇති බව ශ්රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින්ට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කරන ශ්රී ලංකා නීතීඥ සංගමය මහජනතාවට නිදහසේ ගමන් බිමන් යෑමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට පොලිසිය බැඳී සිටින බවද වැඩිදුරටත් අවධාරණය කොට සිටී.
ජනතාව ආරක්ෂා කිීරීමට බැඳී සිටින පොලිසිය ඇතුළු සියළු තරාතිරමකම නිලධාරීන්ගේ වගකීම වන්නේ ජනතාවගේ මෙන්ම විරෝධතාකරුවන්ගේද ආරක්ෂාව තහවුරු කිරීම බව තරයේ අවධාරණය කරන ශ්රී ලංකා නීතීඥ සංගමය සියළු තත්වයන් තුළදී දැඩි ශික්ෂනයෙන් යුතු හැසිරෙන ලෙසත් සෑම අවස්ථාවකදීම දැඩි සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසත් පොලිසිය ඇතුළු සියළු දෙනාගෙන් තරයේ ඉල්ලීමක් කොට ඇත
ඕනෑම ආකරයක ප්රචන්ඩත්වයක් පැන නැඟුණහොත් එය රටේ බැරූරුම් ගැටළුවක් වීමට හැකියාව ඇති බවද ශ්රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කොට සිටී.