තම බල ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ප්රගතිශී ඕනෑම අපේක්ෂකයෙකු කණ්ඩායමක් සමග එක්ව රටේ පළාත් පාලන ආයතන 267 කම බලය පිහිටුවීම රජයේ අරමුණ බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා 02 දින පැවසීය.
දඹුල්ල මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ජාතික ජනබල වේගයෙන් ප්ළාත් පාලන මැතිවරණයට තරග කළ වසන්ත කුමාර රාජමන්ත්රී මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
මෙහිදී නව නගරාධිපති වූ වසන්ත කුමාර මහතා කියා සිටියේ බිමට සමතලාව ඇති දඹුල්ල මහා නගර සභා බල ප්‍රදේශය සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවය.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 ක බලය ජාතික ජන බලවේගයට ලබා දී තිබෙන බවත් ඒ අනුව දෙක දින මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හයක නගරාධිපති සභාපති නියෝජ්‍ය නගරාධිපතිවරුන් සහ උප සභාපතිවරුන් වැඩ භාර ගැනීම සිදුවූ බවද ඔහු සඳහන් කළේය
ඉදිරියේ දී මාතලේ දිස්ත්‍රික්කයේ ඇති පළාත් පාලන ආයතන දහතුනේම බලය තම පක්ෂය විසින් පිහිටුවන බවද හෙතෙම සඳහන් කිරීම විශේෂත්වයකි.
ජනතාව විශාල බලාපොරොත්තුවක් ජාතික ජනබල වේගය පිළිබඳව තබා තිබෙන්නේ යැයි ද පැවසූ ගමගෙදර දිසානායක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ජනතාව තම පක්ෂය වෙත විශාල බලයක් ලබාදී බලාපොරොත්තු තබාගෙන සිටින බවය
සුන්බුන් එකතු කරලා විපක්ෂයේ කණ්ඩායම්වලට බලය පිහිටුවා ගැනීමේ සදාචාරාත්මක අයිතියක් නොමැති බවද පෙන්වා දුන්නේය. එමෙන්ම කොළඹ මහ නගර සභාවේ බලයද තම පක්ෂය විසින් පිහිටුවන බවද පෙන්වා දුන්නේය.