" නියෙලිනී " ගෝලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන '' Song of Resillience '' නැමති විකල්ප සංගීත ප්රසංගයෙහි ගීත ගායනා කිරීම සදහා , ප්‍රවීන කොළිවුඩ් ශිල්පි ප්‍රකාශ් රාජ් 09/07 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ආහාර සුරක්ෂිතභාවය සහ කෘෂිකර්මය පිළිබද සාකච්ඡා කෙරෙන මෙම " නියෙලිනී " ගෝලීය සමුළුව 09/08 දින සිට 09/09 දින දක්වා ලෝකයේ රටවල් 102 ක විද්‍යාඥයින් , ක්‍රියාධරයන් සහ සමාජ සංවිධාන නියෝජිතයන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මහනුවර , පොල්ගොල්ල සමූපකාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය .
ප්‍රකාශ් රාජ් 09/07 දින පස්වරු 12.55 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1167 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීම සදහා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර , චිත්‍රපට අධ්යක්ෂ චමින්ද ජයසූරිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
