ප්‍රකාශයට පත්කරන කොවිඩ් දත්ත බොරු
රට තුළ දෛනිකව ප්‍රකාශයට පත්කරන කොවිඩ් ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත් ප්‍රසිද්ධ කරනු ලබන දත්ත සාවාද්‍ය බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ උත්සව සමය ආරම්භයත් සමගින් රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අද කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
" රට තුළ ප්‍රකාශයට පත්කරනවට වඩා විශාල ප්‍රමාණයක් ආසාදිතයන් වාර්තා වනවා. ප්‍රසිද්ධ කරන සංඛ්‍යා දත්ත සාවද්‍යයි. වාර්තා වන මරණ සංඛ්‍යාව ගැන බරපතල ගැටලු නිර්මාණය වි තිබෙනවා.
කොහොම වුණත් වසංගත තත්ත්වය පැතිරෙමින් යනවා. පෙරේදා වාර්තා වූ ඔමික්‍රොන් ආසාදිතයන් තිදෙනාත් සමගින් මේ වන විට ඔමික්‍රොන් ආසාදිතයන් හතක් හඳුනාගෙන තිබෙනවා. හඳුනා නොගත් රෝගීන් තවත් සිටිය හැකියි.
නෙදර්ලන්තය මේ වන විට ලොක්ඩවුන්. ඉන්දියාවේ උත්සව තහනම්. නව ප්‍ර භේද තිව්ර වී රට අවාසනාවන්ත තැනකට පත්වීමේ අවධානම සිත්හි දරාගෙන නත්තල සමරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. "
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
popular news
-
Kumar Friday, 24 December 2021 02:25 AM
praksahayata patkarana daththa vishwasa karanna mati molekma wenna oney.
Reply : 0 0
Demuni Uduwara Friday, 24 December 2021 06:02 PM
PHIS' allegations are probably true. However, Sri Lanka reports the highest deaths per million of population in South Asia- amounting to 648 as against neighbouring India of 342 ! Lowest deaths per million/population is reported from Bhutan amounting to 4.
Reply : 0 0
Demuni Uduwara Friday, 24 December 2021 11:40 PM
Probably PHIs' Head says true !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

