මෝදර, මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුට ඊයේ (13දා) රාත්‍රියේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කොළඹ 14 ,ගෑන්ඩ්පාස් අංක 64/26 ලිපිනයේ පදිංචි රාමචන්ද්‍රන් රොමේශ් කන්නා නැමති 52 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙම අවන්හල ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ප්‍රංශයේ සිටින රූබන් නැමැත්තාට අයත් එකක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
කළමනාකරු අවන්හලේ ගේට්ටු ආසනයේ රැඳී සිටියදී සුදු පාටට හුරු මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකුගෙන් යුත් පිරිසක් පිස්තෝල වර්ගයෙන් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාර අටක් කළමනාකරු වෙත එල්ල කර ඇති බව පොලිසිය කියයි. මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ සිටින " බොනිස්ටා නිපුන" කැමැත්තා විසින් මෙහෙයවා ඇති බවත් බුද්ධි අංශ මඟින් තහවුරු කළ වාර්තාවල සඳහන් වේ.
තුවාලකරුගේ තත්ත්වයේ බරපතල නොවන බවත් ඔහු වාට්ටු අංක 72 ප්‍රතිකාර ලබන බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය. මෝදර පොලිසිය පරීක්ෂණ පවත්වයි.