"පළාත් සභාවල මහඇමතිවරු, ඇමතිවරු, මන්ත්‍රිවරු නැති වුවද පළාත් සභාවල වැඩටික හොදින් කරගෙන යනවා" යැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා පවසයි.
ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
"පළාත් සභාව මේ වෙලාවේ අවශ්‍යමද? පළාත් සභාවල මහඇමතිවරු ඇමතිවරු නැතෙයි කියලා නැහැ. වැඩ ටික කරගෙන යනවා පළාත් අමාත්‍යංශ ක්‍රියාකාරිව වැඩකරණවා ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා බලමු. හම්බන්තොට පාතාලය මත්කුඩු, මත්ද්‍රව්‍ය දේශපාලනික වෙලා තියෙනවා. මත්කුඩු ඇල්ලුවාට පසු තමයි හම්බන්තොට දේශපාලනයේ මාධ්‍ය සාකච්ඡා තියන්නේ. ඇල්ලුවාට පසු රිදෙන්නේ නම් මොකක් හරි මේක පිටුපස තියෙන්න ඕන.
මත්කුඩු ඇල්ලුවාට පසු මාධ්‍ය සාකච්ඡා තියලා අඩනවා වැළපෙනවා. ඔලුව ගහගන්නවා නේ, කළුගලේ අන්න ඒ අය ගැන පරික්ෂණ පවත්වන්න කිසියම් කෙනෙකුගෙන් දේශපාලන පළිගැනිමක් කරන්න අපිට අවශ්‍ය නැහැ. ඉදිරි අයවැය සදහා ධිවර කෂේත්රය සදහා සැලකිය යුතු මුල්‍ය ප්රතිපාදනයක් ජනාධිපතිතුමා විසින් වෙන්කරලා තියෙනවා. ධිවර වරාය තොටුපොළවල් පුළුල් කරණවා මේ මාසයේ නොවැම්බර් මස 21 වැනිදින ධිවර කාර්මිකයින් සදහා ස්ථිර දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා" යැයිද ධිවර නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.