පාර්ලිමෙන්තුව විසින් සම්මත කරනු ලබන නිතිය අනුව ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්විමට සුදානම් බවත් ඒ සදහා අය වැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්ව ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනාරල් සමන් ශ්‍රි රත්නනායක මහතා මාතලේ දි පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල සභිකවරියන් සදහා සාධාරණ මැතිවරණයක් සදහා වු ජනතා ව්‍යාපාරය මගින් සංවිධානය කළ “ඩිජිටල් සාක්ෂරතාව නැංවිමේ වැඩසටහනට “ එක්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“කොමිසන් සභාවට යම් මැතිවරණයක් පැවැත්විමට අදාළ නිතියක් අවශ්‍යයි.පළාත් සභා සම්න්ධයෙන් 2017 අංක 17 දරණ පනතින් සංශෝධීත පනත අනුව 1988 අංක දරණ පළාත් සභා පනත අහෝසි වෙනවා.ඒ අනුව ඊට අදාළ සිමා නිර්ණය කටයුතු මේ වන විට අවසන් කරලා පාර්ලිමෙන්තුව වෙත ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඒ සදහා පාර්ලිමෙන්තුවේ අනුමැතිය අවශ්‍යයි.නිතිය සකස් කිරිමේ බලය අයිතිය තියෙන්නේ පාර්ලිමෙන්තුවට.ඒ නිසා පාර්ලිමෙන්තුව විසින් සම්මත කර දෙනු ලබන ඕනැම නිතියක් අනුව අපි කොමිෂන් සභාව විදිහට පළාත් සභා මැතිවරණය පැවැත්විමට සුදානම්.ඒ සදහා 2018 වසරේ සිට මේ දක්වා සැම වර්ෂයකම පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා මුදල් වෙන් වෙලා තියනවා .එම නිසා මැතිවරණයට අප සුදානම්” බවද රත්නායක මහතා වැඩිදුරටත් පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න
