පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මුදල් ඇති බවත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ නීතිමය ගැටලුවක් නිසාබවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
"රජයේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි. රජය පත්වීමෙන් පසුව මාස අටක් තුළ මැතිවරණදෙකක් තිබුණා. පළාත් සභා ඡන්දයට ප්‍රතිපාදන ප්‍රශ්නයක් නෑ. මුදල් වෙන්කර තියෙන්නේ. රජයේ බලාපොරාත්තුව මැතිවරණය පැවැත්වීමවුවත් ඊට නීතිමය ගැටලුවක් තිබෙනවා. ඒකට තේරීම්කාරක සභාවක් පත්කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ නීති වෙනස් කර දෙනවානම් අපිට ඉක්මනින් ඡන්දය පවත්වන්න පුළුවන්. අඩුපාඩු සම්පූර්ණ කරන්න පාර්ලිමේන්තුව කටයුතු කරනවා."