පළාත් සභා ඡන්ද විමසිම නොපැවැත්විම හේතුවෙන් ඉකුත් වර්ෂයේ දි (2025) පළාත් සභා ඡන්ද විමසිම සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත වෙන්කොට තිබු රුපියල් මිලියන 9,000ක මුදලක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත නැවත යොමුකිරිමට කටයුතුකළ බව මැතිවරණ කොමිෂන් සභාව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.
2025 වර්ෂයේ වැය ඇස්තමේන්තුව අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙත රුපියල් මිලියන 21,487ක ප්රතිපාදන වෙන්කර දි තිබුණි. පළාත් පාලන සහ පළාත් සභා ඡන්දවිමසිම වෙනුවෙන් රුපියල් මිලියන 20,000 ක මුදලක් වෙන්කොට තිබු බවද මෙම වාර්තාවේ සදහන් වේ.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙත රුපියල් මිලියන 12,487ක ප්රතිපාදන වෙන්ව තිබු අතර ඉන් රුපියල් මිලියන 12,278ක් පුනරාවර්තන වියදම් වෙනුවෙන්ද රුපියල් මිලියන 209ක් ප්රාග්ධන වියදම් වෙනුවෙන් වෙන්කර දි තිබුණි.