පළාත්සභාවල නිල කාලය අවසන්වී වසර හතරකට අධික කාලයක් ගත වී තිබෙන හෙයින් එම මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මේ අනුව පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීති සකස් කර ගැනීමට හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සීමා නීර්ණ කටයුතු කඩිනමින් සිදුකර ගැනීම මූලික කර ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මැතිවරණය පැවැත්වීම කල් දැමීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙන බවත්, මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට අදාළ නීතිමය කටයුතු ආරම්භ කර තිබෙනබවත් ඔහු පවසා සිටියේය.
ව්‍යවස්ථාව තුළ පළාත් සභා ක්‍රමය පවතින බවත්, මේ නිසා මැතිවරණය කල් දැමීම කිසිදු ලෙසකින් සිදුකළ නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය නව ක්‍රමයකට පැවැත්වීමට ගෙන තිබෙන තීරණයට අනුව සීමා නීර්ණ කටයුතු සිදුකළ යුතු බවත්, එම කටයුතුවල පවතින ගැටලු නිසා පසුගිය ආණ්ඩු සමයේ සිට මැතිවරණය පැවැත්වීම කල් යමින් තිබෙනබවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා කඩිනමින් සීමා නීර්ණ කටයුතු අවසන් කර නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවත්, එසේ නොමැති නම් නව ක්‍රමයකට අනුව මැතිවරණය පැවැත්වීමට ගෙන තිබෙන තීරණය වෙනස් කර පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.