පළාත් පාලන ඡන්දය විකෘතියක් වෙලා ඇති බවත් පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්විය යුතු බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .
ඔහු මේ අදහස් පලකලේ කළුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි .
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
පාර්ලිමේන්තුවේ බොහෝ පිරිසක් කෑ ගැහුවා පළාත් පාලන ආයතන වල සභිකයින් වැඩියි කියලා. දැන් පවත්වන්න තියෙන්නේ පළාත් පාලන ඡන්දය. සීමා නිර්ණය කරලා ඡන්දය තියන්න ඕනා. එහෙම නැත්නම් පරණ ක්‍රමයට ඡන්දය තියන්න ඕනා. මේක විකෘතියක්.
පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත්වුණ පිරිසක් අද ස්වාධීන වෙලා නන්නත්තාර වෙලා. ඒ අයට රැස්වීම් තියන්න ගියාම ජනතා විරෝධයක් අපි දැක්කා. රට ආර්ථික වශයෙන් වැටිලා තියෙන වෙලාවක ගොඩගන්න නම් සියලු දෙනා එකතු වෙන්න ඕන. කොහොමත් පොහොට්ටුව ඡන්ද වලට බය නැහැ.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වරයා මෙසේද පැවසීය. මේ රටේ අරගල කලේ ජනතාවගෙන් සියයට දශම ගානක්. විපක්ෂ නායක වරයා දැන් වසන්ත මුදලිගේ ගැන කතා කරනවා. 88 89 භීෂණය වෙලාවෙ තරුණ තරුණයින් හැට දහසක් පාරේ ඝාතනය කලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා මිනිස්සු මරලා නෑ. මොනවා කිව්වවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකයෙක් විදිහට කොන්ද කෙලින් තියාගෙන කියන්න ඕන ටික කිව්වා.
පානදුර සුමිත් පොතුපිටිය