පළාත් පාලන ආයතන සඳහා සභිකයන් පත් කිරීමලබන වසරේ මාර්තු මාසයේ සිදුවිය යුතු බවරාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ හේතුවෙන් පළාත් පාලන ඡන්දය පැවැත්විය යුත්තේලබන වසරේ මාර්තු මාසය ආසන්න කාලයේදී බව ඔහු සඳහන්කළේය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේආහාර සුරක්ෂිතතාව උදෙසා රාජ්‍ය ආයතනවල තාවකාලිකව වගා කළ හැකි ඉඩම්වල ප්‍රජා ගොවිතැන ප්‍රවර්ධනය අරමුණු කරගනිමින්, හෝමාගම-වටරැක හා පාදුක්ක-වේරගල ප්‍රදේශයන්හි ගොවි සමිති සාමාජිකයන් හමුවී ඔවුන් දිරිගන්වමින් ගොවි උපකරණ ප්රදානය කිරීමේ අවස්ථාවන්ට එක්වෙමිනි.
ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ළඟදී විසුරුවා ඡන්දය පවත්වන බවට පැතිරෙන පුවත්වල සත්‍යතාවක් නොමැති බවපළාත් පාලන විෂයද අයත් අමාත්‍යවරයා ලෙස තමන් පැහැදිලිව ප්‍රකාශ කරන බවඔහු පැවසුවේය. අවශ්‍ය කාලයේදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවලිය මෙහෙයවන ලෙසට තමන් අදාළ නිලධාරීන්ට දැනටමත්උපදෙස් නිකුත් කර ඇතැයිද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම තමන් සභාපතිත්වය දරන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය මේ මාසයේදී අවසන් වන බැවින් එහි අවසන් වාර්තාවද ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු පැවසීය. පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තුව ආදි සියලු මැතිවරණ සඳහා කොට්ඨාස හා අනුපාතික ක්‍රමය මිශ්‍ර වූ ක්‍රමයක් එහිදී මූලධර්මය ලෙස පිළිගෙන ඇතැයිද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.