අවුරුදු 35ට අඩු තරුණයන්ට සියයට 25ක පළාත් පාලන ආයතන වල නියෝජනය තහවුරු කිරීම සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පැවසීය.
අදාල යෝජනාව අද (08දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ස්රථී කළේය.
කෙසේ වෙතත් කුමන යෝජනා, සංශෝධන ඉදිරිපත් කළද අනිවාර්යෙන් එළැඹෙන මාර්තු 20වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත - අපි කවුරුත් කතා කරන්නේ තරුණ නියෝජනය ගැන. තරුණ පාර්ලිමේන්තුවක්, තරැණ දේශපාලන නායකයෝ ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා. ලෝකයේ අද තරුණ නායකයෝ දිගින් දිගටම බිහිවෙනවා. අපේ රටේ කැරලි කිහිපයක් ඇති වෙලා තිබෙනවා 1971, 1989 වගේ. පසුගිය කාලයේත් අපි දැක්කා තරුණ නැගිටීමක්. 88,89 තරුණ අසහනයත් සමග, තරැණ අසහන කොමිෂන් සභාවෙන් පළාත් පාලන ආයතන වලට සියයට 25ක තරුණ නාමයෝජනා සඳහා අවස්ථාව ලැබිලා තිබුණා.
2018දී අවුරැදු 35ට අඩු තරුණයන්ට තිබුණු කෝටා එක නැති වුණා. අද දිනයේ අද අපි අදහස් කරනවා මේ තරුණ කෝටා එක, අවුරුදු 35ට අඩු තරැණයන්ට සියයට 25ක නාමයෝජන වලට ඇති අයිතිය පළාත් පාලන පනත සංශෝධනය කරලා, ඉදිරිපත් කරලා ඒ අයට ලැබිය යුතු අයිතිය නැවත ලබා දෙන්න තමයි මේ අවස්ථාවේ මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක - ඒ යෝජනාව මම ස්ථීර කරනවා.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක - තරැණ නියෝජනය වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් කිසිසේත්ම මාර්තු 20න් පස්සට පළාත් පාලන මැතිවරණය කල් දැමීමටනම් කටයුතු නොකල යුතුයි. මාර්තු 20ට කලින් ඡන්දේ තියන්න ඕනී. පනත් ගේමු, සංශෝධන ගේමු ඒත් මාර්තු 20ට කලින් ඡන්දය තියන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර - මෙවැනි යෝජනා ගේන එක හොඳයි. ඒත් ඒකට අවශ්‍ය කරන කටයුතු කරන්න ගිහින්, ඒක පාවිච්චි කරලා ඡන්දය කල් දැමීමේ ආණ්ඩුවේ හොර වැඩපිළිවෙලට මේක බද්ද කරන්න එපා.