පළමු බිත්තර තොගය මේ සතියේදී
පළමු බිත්තර තොගය මේ සතියේදී ආනයනය කිරීමට හැකිවෙනු ඇතැයි වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“එළඹෙන උත්සව සමය ආශ්‍රිතව වෙළෙඳපොළ බිත්තර හිගයක් හා බිත්තර මිළ ගණන් සීග්‍ර ලෙස ඉහළ යාමක් සිදු වන බවට කල්තියාම දැනගත් නිසාවෙන් බිත්තර සඳහා පාලන මිලක් මගින් මිල පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත්තා. ඒත් බිත්තර නිෂ්පාදකයන් අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමු වීම නිසා බිත්තර මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියා.
සත්ත්ව නිෂ්පාදන හා පර්යේක්ෂණ ආයතතනය 40 %ක් බිත්තර නිෂ්පාදනයේ අඩුවක් පවතින බව සදහන් කිරීම නිසා වෙෙළඳ අමාත්‍යවරයා ලෙස එම තත්ත්වය පාලනය කිරීමට සෘඡුව මැදිහත්ව බිත්තර ආනයන කිරීම සඳහා අවසර ඉල්ලූ විට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිළධාරීන් එයට අනුමැතිය ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අවසරය හිමිවී තවත් මාස එක හමාරක් පමණ ගතවුණා.”
බිත්තර ආනයන කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ දැනට පවතින ඉහළම නිර්දේශයන් ඉල්ලා සිටින අතර ලෝකයේ බොහෝ රටවලට බිත්තර අපනයන කරන රාජ්‍යයක් වන ඉන්දියාවේ එම නිර්දේශ සම්පූර්ණ කර ඇත්තේ බිත්තර අපනයන සමාගම් තුනක් පමණක් බවද, ඒ අනුව මේ සතිය තුළදී පළමු බිත්තර තොගය ආනයනය කිරීමට හැකිවනු ඇතැයිද ඔහු පැවැසීය.
කර්මාන්ත සඳහා බිත්තර අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා බිත්තර පවුඩර් හා පාස්චරිත කරන ලද දියර බිත්තර ආනයනය කිරීමටද අවසර ලබා දීමට සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
popular news
-
rocky Tuesday, 14 March 2023 06:41 AM
Kunu Biththara gewanawaa nam wadaa hondayi. Chande illanna ena Pohottu unnahelata salakanna!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

