පළමු කාර්තුවේ කෘෂි අපනයන ආදායම ඉහළට
මෙම වර්ෂයේ (2026) පළමු කාර්තුව තුල මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 740.1 දක්වා සියයට 4.1කින් වැඩිවි ඇති බැව් ශ්රිලංකා මහබැංකුව පවසයි.
2025 වර්ෂයේ පළමු කාර්තුව තුල දි මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 711.3කි. ඒ අනුව මෙම වර්ෂයේ මුල්මාස තුන තුලදි මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම සියයට 4.1කින් වැඩි වි ඇත.
කෙසේවුවද තේ අපනයන ආදායම 2025 වර්ෂයේ මුල් මාස තුනට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස තුන තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 351.6 දක්වා සියයට 5.2කින් අඩුවි ඇත.එහෙත් පොල් අපනයන ආදායම මෙම වර්ෂයේ මුල්මාස තුන තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 142.2 දක්වා 17.5කින්වැඩිවි ඇත.
කුළුබඩු අපනයන ආදායම මෙම කාලසිමාව තුලදි ඇමරිකානු ඩොලර්මිලියන 109.8 දක්වා සියයට 6.1කින් අඩුවි ඇත. මුහුදු ආහාර අපනයන ආදායම මෙම කාලය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 63.1 දක්වා සියයට 30.9කින් වැඩි වි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
