බස්නාහිර පළාත් සභාවේ තනතුරු කිහිපයක් පළාත් සභා පනතට පටහැනි බවත්, මේ නිසා එම තනතුරුවලට මුදල් වෙන්කිරීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක, විපක්ෂයේ ප්රධාන සංවිධායක තනතුරු නීති විරෝධී බවද එම පක්ෂයේ පළාත් සභා මන්ත්රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා මෙහිදී පවසා සිටියේය.
මේ නිසා අදාළ තනතුරු වෙනුවෙන් මුදල් වෙන්කිරීම නීති විරෝධී බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේය.
