කුලියාපිටිය සාරානාත් විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.
මේ හා සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර උහන මහා විද්‍යාලය ද , ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ද ජාතික පාසල් බවට පත්කිරිමට ද පියවර ගෙන ඇත.
පළාත් සභා යටතේ පවත්නා රජයේ පාසල් ජාතික පාසල් බවට පත් කිරීමේ දී සපුරාලිය යුතු නිර්ණායක පාදක කරගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත්කර ඇත.
ඒ අනුව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ, සහ පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාවත් අදාළ එක් එක් පාසල්වල සේවයේ නියුතු සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ ද එකඟතාවත් මත මෙම පාසල් ජාතික පාසල් බවට පත්කිරීමට කටයුතු යොදා තිබේ.
කිසියම් හේතුවක් මත මෙම පාසල් ජාතික පාසලක් ලෙස මධ්‍යම රජයට පවරා ගැනීම සම්බන්ධව එකඟතාව පළ නොකරන අධ්‍යයන හා අනධ්‍යයන සාමාජිකයින් යම් පාසලක සිටි නම් ඔවුන් වසර 3ක සේවා කාලයකින් පසු පළාත් රාජ්‍ය සේවයට මුදාහැරීමට ද අවස්ථාව සලසා ඇත.
අලුතින් ජාතික පාසල් ලයිස්තුවට එක්වන මෙම පාසල් අටත් සමඟම දැනට ශ්‍රී ලංකාවේ පාසල් ජාලය තුළ පවත්නා ජාතික පාසල් සංඛ්‍යාව 370 ක් දක්වා ඉහළ නැංවෙයි.
කෂිනි හපුආරච්චි
