පහරදුන් අය අත්අඩංගුවට ගන්නැයි ජල සේවකයෝ විරෝධයක
මහරගම ඇරැව්වල මාලිගාවත්ත ප්රදේශයේදී ජල බිල්පත ලබාදීම සඳහා නිවසකට ගිය අවස්ථාවේදී ආදායම් සහකාර වරයෙකුට පහර දුන් පුද්ගලයා දින හතරක් ගත වීත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය අපොහොසත් වීමට විරෝධය දක්වමින් අද දහවල් පිලියන්දල මිරිස්වත්ත හංදියේ දී විරෝධතාවයක් පැවැත්වුහ.
ජාතික ජල ජලසම්පාදන මණ්ඩලයේ ආදායම් සහකාර වෘත්තීය සමිතියේ සාමාජිකයන් මෙන්ම කැස්බෑව ප්රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය, එම කාර්යාලයේ සිට විරෝධතාව පුවරු රැගෙන පා ගමනින් පැමිණ මෙම විරෝධතාවය පැවැත්වූහ.
" පහරදුන් මැරයා වහා අත්අඩංගුවට ගනු" " පාලකයෙනි සේවක ආරක්ෂාව තහවුරු කරනු " "මහරගම පොලිසියේ කල් මැරීම අපගේ බලවත් විරෝධය " "නීතිය මර නින්දේ මැරයන් නිදැල්ලේ පාලකයින් අඩ නින්දේ " යනුවෙන් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් මෙම විරෝධතාවය සිදු කළහ.
ඉකුත් 30 වෙනි දින මෙම පහරදීම සිදුකර තිබිණි.
එහිදී අදහස් දැක්වූ ආදායම් සහකරුවන්ගේ සංගමයේ ප්රධාන ලේකම් තමර උදයකුමාර මහතා,
මෙම ප්රහාරය පලමුවන මැර ප්රහාරය නොවේ. අපේ සේවකයන් අවස්ථා තුනක දී මැර ප්රහාර වලට ලක් වුනා නමුත් නීතිය හැමදාම නිදි . ප්රහාරයට ලක් වූ සහෝදරයට සාධාරණයක් වෙනකම් මෙම විරෝධය කරගෙන යනවා.
නීතිය අකුරටම ක්රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටිනා එසේ නොවුණොත් අපි දැඩි වෘත්තිය ක්රියා මාර්ගයක් ගන්නවා යැයි පැවසීය.

popular news
-
Kumar Friday, 03 February 2023 04:00 PM
pahara dunna wathura horaa ath adanguwata ganna kiwwanam thama hari
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

