පහරදිමේ සිද්ධියකට අඟුණකොළපැලැස්සේ තවත් නියාමකවරුන් 5ක් අත්අඩංගුවට
බන්ධනාගාරගතව සිටි සැකකරුවන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සේවය කළ තවත් නියාමකවරුන් පස්දෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.
බන්ධනාගාර නිලධාරින් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්වූ අමිල කුමාරසිංහ සහ දුලන්ත රාජපක්ෂ යන දෙදෙනාට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නියාමකවරුන් පස්දෙනකු පසුගිය දිනවලදී වැඩ තහනමට ලක්ව තිබිණි.
තවද මෙම සිද්ධියට සම්බන්ධව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 23 දෙනකුගේ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති. තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා ඇතුළු නිලධාරිහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

