2023 වසරේ මෙරට වන අලි මරණ 470 ක් සිදුව ඇති බවත්, වෙඩි තැබීම, හක්ක පටස් තැබීම හා විදුලිසැර වැද්දවීම වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පමණක් වන අලි හා ඇතුන් 196කු මරණයට පත්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු පවසයි.
වෙඩි තැබීම්වලින් 83කු, හක්ක පටස් තැබීමෙන් 47කු, විදුලි සැර වැද්දවීමෙන් 66කු, දුම්රියේ ගැටීමෙන් 23කු, මාර්ග අනතුරුවලින් එක් අයෙකු, විෂ ශරීර ගතවීමෙන් හතර දෙනෙකු, දියේ ගිලීමෙන් එක් අයෙකු, වගා ළිංවලට වැටීමෙන් පස් දෙනෙකු, හදිසි අනතුරුවලින් 15කු, ස්භාවික ලෙස 10කු, කුණු වී ගොස් සිටි 28කු, දිරාපත් වු සිරුරු හතක්, පණු රෝගය ආසාදිතවීමෙන් 15කු, බැක්ටීරියා ආසාදනයෙන් දෙදෙනෙකු, ආසාදිත තුවාල හේතුවෙන් 25කු, හඳුනානොගත් හා වෙනත් හේතුන් මත 138කු වශයෙන් මෙම වන අලි ඇත් මරණ සිදුවී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න මහතා පවසයි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සිදු කරන ලද විමසීමකට පිළිතුරු සපයමින් අමරරත්න මහතා මේ බව සඳහන් කොට තිබේ.
මෙරට එක් දිනක් තුළ වාර්තා වු ඉහළම අලි මරණ සංඛ්‍යාව ඉකුත් වසරේ සැප්තැම්බර් මස 27 දින හා ඊට ආසන්න පැය 36 කදී වාර්තා වී ඇති අතර, එම කාලය තුළදී දුම්රියේ ගැටීමෙන් හා වෙඩි තැබීම්වලින් වන අලීන් 11 කු මියගොස් තිබිණි.


ශාන් හුලංනුගේ