ඉකුත් රජය සමයේ නිකුත් කරන ලද මත්පැන් අලෙවි බලපත්‍රවලට අදාළව ශ්‍රීපාද නල්ලතන්නිය ඇතුලු නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත ප්‍රධාන නගරවල සහ එම ප්‍රධාන නගරවලට පිවිසෙන මාර්ග අභියස ගත වූ මාස කිහිපය තුල අලුතින් තැබෑරුම් ගණනාවක් විවෘත කර ඇත.
එම බලපත්‍රවලට අදාළව තවත් තැබෑරුම් ගණනාවක් ඉදිරි දින වලදී විවෘත කිරිමට නියමිත බවත්, ඒ අනුව එක් නගරයක මත්පැන්සල් සිල්ලර වෙළදසැල් හා සමානව ඇති බවයි වතුකම්කරුවන් කියා සිටින්නේ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් ඉලක්ක කර ගනිමින් මෙම තැබෑරුම් විවෘත කර ඇති බවත්, පවත්නා තත්වය මත වතුකරයේ තරුණ පිරිස් මත්පැන් පානයට පුරුදු වීමේ අවධානමක් පවතින බවත්, ඒ තුලින් වතුකම්කරුවන්ගේ ආර්ථික තත්වය තවත් පහළට වැටෙන බවයි අලුතින් තැබෑරුම් විවෘත කිරිමට විරෝධය දක්වන වතුකම්කරුවන් කියා සිටියේ.
මෙම තැබෑරුම් විවෘත කිරිම සදහා අවශ්‍ය ගොඩනැගිලි එම මත්පැන් බලපත්‍ර ලාභින් විසින් ඉතා අධික කුලී මුදලකට ලබා ගෙන ඇති බවද වතුකම්කරුවන් කියා සිටියේ.