පසුගිය මාස දෙකට රස පරීක්ෂක වාර්තා 17506ක් නිකුත් කළා
පසුගිය මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා 17506 ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවැසීය.
මෙම අදහස් පළ කළේ බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර යාන්ත්‍රණයක් ඇති කිරීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ කුරුවිට බන්ධනාගාරය තුළ ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
"පසුගිය මාස දෙකක කාලය තුළ මත් ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා 17506 ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අගොස්තු මාසය තුළ වාර්තා 9061 ක් සහ සැප්තැම්බර් මාසය තුළ වාර්තා 8445 ක් නිකුත් කිරීමට කටයුතු කළා. බන්ධනාගාර තදබදය අඩු කිරීම සදහා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට හා ප්‍රජා විශෝදන පනත ඇතුළු අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.
පසුගිය කාලයේ බන්ධනාගාර තුළ ඇති වු තත්වයන් ඉබේ හටගත් සිද්ධීන් නොවෙයි. ඇතැම් සිද්ධි බාහිර බලපෑම් හේතුවෙන් හා තවත් ඒවා අභ්‍යන්තර හේතු නිසා සිදු වුණා. අවුරුදු තිහක් හතලිහක් රටේ පැවති තත්වය වෙනස් කිරීමේදී ප්‍රති විරෝධතා මතු වෙනවා. ඒවා හමුවේ ඉදිරියට යා යුතුයි. ඉතා සුළු පිරිසක් වන බන්ධනාගාර නිලධාරීන් සිදු කරන වැරදි ක්‍රියා නිසා සමස්ත නිලධාරින්ටම චෝදනා එල්ල වෙනවා."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
