පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය තුරන් කිරිමට නොහැකිවුණේ දේශපාලන බලපෑම් නිසයි
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම වැන් මෙහෙයුමක් නොවන බවත් මත්ද්‍රව්‍ය උවදුර නිසා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, මොරටුව ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති නීතිඥ, හර්ෂණ නානායකකාර මහතා පැවැසිය.
පසුගිය කාලය තුළ මත් ද්‍රව්‍ය තුරන් කිරිමට නොහැකි වූයේ පැවති දේශපාලන බලපෑම මත බවද ඔහු පැවැසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වත්මන් රජයේ රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ මත් උවදුර තුරන් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර තිබු මොරටුව මහජන ආරක්ෂක කමිටු රැස්වීමට අද ( 12) පස්වරුවේ මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.
"රජයේ සේවකයින් හිතන්න පුළුවන් මේ වගේ සංදර්ශන හැම ආණ්ඩුවක්ම ආරම්භ කළා වගේම මාස කිහිපයක් යනකොට නතර වුණා වගේ මේකත් එහෙම තමයි කියලා. මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අපේ රජයේ වැඩපිළිවෙළ යුක්තිය මෙහෙයුම වගේ වැඩක් නම් නෙමෙයි. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටින කන් හැන්දෙන් කුඩු බොන අයටත් මත් ජාවාරම සිදු කරන කුඩු කිලෝ ගණන් ගෙන එන අයටත් එකම ආකාරයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වු වින්දිතයින් නිවාරණයට සහ ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීම සිදු කළ යුතුයි. මේවාට ඇති ඉල්ලුම නතර කළ යුතුයි. රජය ආරක්ෂක අංශ සමඟ එක්ව මේ උවදුර තුරන් කිරීමට කටයුතු කරනවා . එම කටයුතු සාර්ථකව සිදු කිරීමට නම් ජනතා සහාය අත්‍යවශ්‍යයි.
මත් ජාවාරම්කරුවන්ට ඇති බිය නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ජනතාව ඉදිරිපත් වන්නේ නැහැ. ආගමික නායකයින්ගේ සහ මහජනතාවගේ සහාය මේ වෙනුවෙන් අවශ්‍යයම බව අපි සියලු දෙනා තේරුම් ගත යුතුයි. මතට ඇබ්බැහිව සිටින අයට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය විය හැකි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට මේ වන විටත් රජය කටයුතු කර තිබෙනවා. මත්ද්‍රව්‍යට ඇබ්බැහිව සිටින වින්දිතයින් සහ ජාවාරම්කරුවන් යන මේ කොටස් දෙක කෙරෙහි සමාජය බලන්නේ එකම ආකාරයටයි.
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටින තැනැත්තන් වින්දිතයින් ලෙස සලකමින් ඔවුන් සුවපත් කිරීමට ඔවුන්ගේ මනස සකස් කිරීමට ආගමික නායකයින් සහ පුනරුත්ථාපන ක්‍රියාවලින් හරහා සිදු කළ යුතුයි. විශේෂයෙන් දරුවන් මේ සදහා යොමුවීම වැළැක්වීම වෙනුවෙන් දෙමාපියන්ට විශාල වගකීමක් තිබෙනවා. දරුවන්ගේ ක්‍රියාකලාපය කටයුතු සම්බන්ධව දෙමාපියන් අවධානයෙන් සිටිය යුතුයි. මතින් තොර සමාජයක් ගොඩ නැංවීමේදී නිවාරණය අතිශයින් වැදගත් බව අපි අවබෝධ කර ගත යුතුයි.
මේ වැඩපිළිවෙළ පසුගිය කාලවල සිදු වුණා වගේ සංදර්ශනයක් නම් නොවෙයි. මේ මත්ද්‍රව්‍ය උවදුර නිසා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව තිබෙනවා. විශේෂයෙන් මොරටුව මැතිවරණ කොට්ඨාශය මේ උවදුරින් වැඩ වශයෙන් පීඩා විඳන ප්‍රදේශයක් වන බැවින් ඒ වෙනුවෙන් සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. පසුගිය කාලය තුළ මත් ද්‍රව්‍ය තුරන් කරන්න බැරි වුණේ පැවති දේශපාලන බලපෑමයි. පොලිසිය තුළත් මේ සදහා සම්බන්ධ සිටි නිලධාරීන් ඉවත් කිරීමට පොලිස්පතිතුමා කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් පොලීසිය සම්බන්ධයෙන් මහජන විශ්වාසය ඇති විය යුතුයි. පසුගිය කාලය තුළ එම විශ්වාසය නැතිවුණා.
මොරටුවේ මත්ද්‍රව්‍ය ජාවාරම මේ ඉදිරි වසර හතර තුළ තුරන් කර මිස මේ වැඩපිළිවෙළ නතර කරන්නේ නැහැ. පොලිසිය සම්බන්ධව විනාශ වී තිබු විශ්වාසය යලි ඇති කළ යුතුමයි. මත් ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

