වත්තේගමදී පස් කන්දකට යටවී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අලුතින් ඉද්වන නිවසක් අසළ බැම්මක් ඉදිකිරීම සඳහා කාණුවක් කපමින් සිටියදි ඉහළින් වූ පස්කණ්ඩියක් කඩා වැටී එහි සේවය කරමින් සිටි සිවු දෙනෙකු යටවී තිබේ.
පසුව පොලීසිය හා ප්‍ර දේශවාසීන් එක්ව සිව්දෙනා රෝහල් ගත කර ඇති අතර එහිදී තිදෙනෙකු මියගොස් තිබේ. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.