මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට මෙම අවදානමක් ඇතිව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් මේ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමණාකරණ අංශවලින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.